පළමුවරට ඉන්දියානු චිත්‍රපට ගීතයක් ඔස්කාර් සම්මානයක් දිනා ගනියි

පළමුවරට ඉන්දියානු චිත්‍රපට ගීතයක් ඔස්කාර් සම්මානයක් දිනා ගනියි

ජනප්‍රිය තෙළිඟු චිත්‍රපටයක් වන RRR හි Naatu Naatu ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය බවට පත්වෙමින් ඉතිහාසගත වී තිබෙනවා.

සම්මානය පිළිගනිමින් එහි සංගීත අධ්‍යක්ෂ එම් එම් කීරවානි පැවසුවේ මෙම ගීතය “සෑම ඉන්දියානුවෙකුගේම අභිමානය” බවයි.

RRR “මාව ලෝකයේ ඉහළම තැනකට පත් කළා” යැයි ඔහු පැවසූ විට ප්‍රේක්ෂකයෝ සිනහවෙන් හා අත්පොළසන් ලබාදෙමින් ඔහුට ගෞරවාදරය දක්වා තිබෙනවා

Share This