
පළමුව පන්දුවට පහරදෙන සන්රයිසස් හයිද්‍රාබාද්
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලබාදුන්නා.
ඒ අනුව ඔවුන් මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 02ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 36ක් ලබා සිටියා