
පළමු අන්තර්ජාතික රුසියානු චිත්‍රපට උළෙල සහ සම්මන්ත්‍රණය
පළමු අන්තර්ජාතික රුසියානු චිත්‍රපට උළෙල සහ සම්මන්ත්‍රණය, කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයත්, කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයත් එක්ව, කැලණි විශ්ව විද්‍යාලයේ නාට්‍ය සිනමා හා රූපවාහිනී අධ්‍යනාංශය, කොළඹ විශ්ව විද්‍යාලයේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපය, රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදන තාක්ෂණික අංශය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරූ ශිෂ්‍යයින් සහ මහරගම ජාතික තරුණ සේවා සභාවේ නෙස්කෝ වීඩියෝ ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කළ මෙම අන්තර්ජාතික චිත්‍රපට උළෙල සහ සම්මන්ත්‍රණය සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් සහභාගී වුණා.
මෙම චිත්‍රපට උළෙල සිනමාලෝලී කාගේත් අවධානයට ලක් වූ මෑත කාලයේ කොළඹ සංවිධානය වූ සුවිශේෂී සිනමා උළෙලක් බවට පත්විය.
වර්ෂ 1963 සෝවියට් චිත්‍රපට උළෙලක් සංවිධානය වීමෙන් අනතුරුව නැවත වසර හැට දෙකකට පමණ පසුව සංවිධානය සංවිධානය වූ එකම සිනමා උළෙල බවට පත් වූයේ මෙම චිත්‍රපට උළෙලයි.
උළෙලේ විශේෂත්වය වූයේ, ඒ ඒ දිනයන්හි ප්‍රදර්ශනය කළ චිත්‍රපට වල රංගන ශිල්පීන්, ශිල්පිනියන් සහ සංගීත අධ්යක්ෂවරුන්, නිෂ්පාදකයින් රුසියාවේ සිට මෙරටට පැමිණීමයි.
චිත්‍රපට ප්‍රදර්ශනයෙන් අනතුරුව ඒ ඒ චිත්‍රපට ශිල්පීන් සමග අධ්‍යාපනික සැසි පැවැත්වීමද විශ්වවිද්‍යාල විද්යාලතීන්ගේ සහ ප්‍රේක්ෂක ප්‍රජාවගේ ඇගයීමට ලක් වූ කාරණයක් විය.
විද්‍යාර්ථීන් පමණක් නොව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, චිත්‍රපට අධ්යක්ෂවරුන්, රංගන ශිල්පීන්, සහය අධ්යක්ෂවරුන්, කලා අධ්යක්ෂවරුන්, ඇතුළු චිත්‍රපට කලාවේ විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන නිර්මාණකරුවන් මෙන්ම ජන මාධ්‍යවේදීන් එකම ප්‍රේක්ෂකාගාරයක හිඳගෙන කලාත්මක න්‍යායාත්මක සහ ප්‍රායෝගික සිනමා සම්මන්ත්‍රණයකට එක් වූ පළමු අන්තර්ජාතික චිත්‍රපට සම්මන්ත්‍රණය ලෙස මෙම චිත්‍රපට සම්මන්ත්‍රණය ඉතිහාසයට එක්වේ.
උළෙල ආරම්භ වුණේ තිමූර් හවාන් සහ අලෙක්සන්ධාර් ගුරුයානෆ් එක්ව අධ්‍යක්ෂණය කළ සෙන්පති (Commander) ප්‍රදර්ශනය කිරීමෙනි. 2024 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය, රුසියාවේ විශාල ප්‍රේක්ෂක ප්‍රේක්ෂක ප්‍රජාවක් නරඹා ඇති, ඉතාම ජනප්‍රියත්වයට පත් වූ සම්මාන ලබා ඇති චිත්‍රපටයකි.
චිත්‍රපට උළෙලේ දෙවැනි දින ජල සූත්‍රය( water formula) කැමැති කාටුන් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා.
තුන්වන චිත්‍රපටය වූයේ මක්සිම් බ්රියූස් විසින් අධ්‍යක්ෂණය කළ රුධිර මාදිලිය ( Blood group) නමැති චිත්‍රපටයයි.
චිත්‍රපට උළෙලේ අවසන් දින දෙක තුළ “රුසියාවේ ලෝකඩ අශ්වාරවහකයා” නැමැති ඓතිහාසික නාට්‍යය ශානරයේ චිත්‍රපටය හා “සෙප්පඩ විජ්ජා ගම්මානය” නැමැති චිත්රපටප්රදර්ශනය වුණා.
මෙම චිත්‍රපට උළෙල හුදු චිත්‍රපට උළෙලක් නොවී චිත්‍රපට අධ්‍යාපනය පිළිබඳව විද්‍යාර්ථයන්ගේ ලාලසාව සමනය කිරීමට පුළුල් මැදිහත් කිරීමක් කළ චිත්‍රපට උළෙලක් සහ සම්මන්ත්‍රණයක් ලෙසයි කාගෙත් ඇගයීමට ලක්වුණේ.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න






