පළමු තරගයේ ජය Kandy Falcons කණ්ඩායමට

පළමු තරගයේ ජය Kandy Falcons කණ්ඩායමට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැති පළමු තරගය ජයගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා

ඒ Dambulla Sixers කණ්ඩායම කඩුලු 06කින් පරා ජයටපත් කරමින්.

තරගයේ කාසියේ පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා

එහිදී Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් Mark Chapman නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුණා

පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 03ක් දවා ගත්තා

අනතුරුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළා

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This