පළමු දිනයේ ශ්‍රී ලංකාව ලකුණු 306යි

පළමු දිනයේ ශ්‍රී ලංකාව ලකුණු 306යි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16 වන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු ලකුණු 116ක් ලබා ගත්තා.

දිමුත් කරුණාරත්න ලකුණු 46ක් ලබා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් රැස් කළා.

අද තරගයේ විශේෂත්වයක් වූයේ කමිඳු මෙන්ඩිස් නව ලෝක වාර්තාවක් පිහිටුවීමයි.

ඒ, ඔහු ටෙස්ට් තරග 8කදී අඛණ්ඩව වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත් වෙමින්.

 

Share This