
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්( විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළා
පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා .
මෙම පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක වනවා