පළාත් පාලන ආයතන 161ක් හෙට වැඩ ඇරඹීමට සූදානම්

පළාත් පාලන ආයතන 161ක් හෙට වැඩ ඇරඹීමට සූදානම්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදු කිරීමට නියමිතයි

ඒ අනුව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම මේ අනුව සිදු කල හැකි වනවා

කෙසේ වෙතත් බහුතරයක් නොමැති ආයතන 178ක් සඳහා ප්‍රධානීන් තෝරා පත්කර ගැනීමට පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කිරීමටයි නියමිතව ඇත්තේ

එමෙන්ම මෙම ආයතන 178 වෙනුවෙන් පත්කර ගනු ලබන ප්‍රධානීන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ද ඉදිරියේදී පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් නිකුත් කරනු ඇති බව සඳහන්

Share This