පළාත් පාලන මැතිවරණයට බියෙන් නැති බිල්ලෝ මවාපෑමට උත්සහ කරනවා – සාගර කාරියවසම්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාල දින නියම කරන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබියදී ඇතැම් දේශපාලන පක්ෂ ඡන්දයට මුහුණදීමට බියෙන් ඒ පිළබඳ බිල්ලෙක් මවා පෑමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙලට එකඟතාවය පළ කරන ඕනෑම පක්ෂයක් සමග එකතු විය හැකි බවද මහලේකම්වරයා එහිදී වැඩිදුරත් පැවසුවා.