පළාත් 6කට අද රස්නය වැඩියි

පළාත් 6කට අද රස්නය වැඩියි

දිවයිනේ පළාත් හයකට අද දැඩි උණුසුම් තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුම් දෙන්නේ මෙවන විට දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනුව උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා නැගෙනහිර පළාත්වල මෙන්ම රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවලත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

 

Share This