ප්‍රංශයේ උත්සන්න වූ විරෝධතා පාලනයට පොලිස් බල ඇණියක්

ප්‍රංශයේ උත්සන්න වූ විරෝධතා පාලනයට පොලිස් බල ඇණියක්

ප්‍රංශයේ උත්සන්න වී ඇති විරෝධතා පාලනය කිරීම සඳහා 45,000කට අධික පොලිස් බල ඇණියක් යොදවා තිබෙනවා.

Marseille, Lyon, Toulouse, Strasbourg සහ Lille වැනි නගරවල මෙන්ම පැරිස් ඇතුළුව නගර රැසක විරෝධතාවයේ නිරත වූ දහසකට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පැරිස් නුවර මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමත් සමග මෙලෙස විරෝධතා රැල්ලක් ආරම්භ වුණා.

Share This