ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූජෝත්සවය

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූජෝත්සවය

මෙවරත් සැදැහැවතුන් අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූජෝත්සවය පැවැත්වුණා.

ඒ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පරවාහැර චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.

මෙවර කඨින පින්කම ශ්‍රී ලාංකික පිනිවතුන් සිදු කළ නිසා ශ්‍රී ලංකාවේ චාරිත්‍ර වලට මුල්තැන හිමිව තිබුණා.

කඨින චීවරය විහාරස්ථානයට වෙත රැගෙනවිත් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් කඨින චීවරය මසා අවසන් කර මහා සංඝරත්නය වෙත පූජා කිරීම සිදුවුණා.

දායකත්වය දරණ ශ්‍රී ලාංකික, ලාඕස්, කාම්බෝජ, වියට්නාම, චීන හා ප්‍රංශ ජාතිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම කඨින පූජෝත්සවය ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලාද වැඩම කරනු ලැබුවා.

Share This