ප්‍රංශයේ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් 667ක් අත්අඩංගුවට

ප්‍රංශයේ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් 667ක් අත්අඩංගුවට

ප්‍රංශයේ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර තුන්වන දිනටත් පවතින ඇති වූ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 667 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පැරිසියේ, දැඩි පොලිස් ආරක්ෂාවක් තිබියදීත්, වෙළඳසැල් කොල්ලකෑම් සහ මෝටර් රථවලට ගිනි තැබීම් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

විරෝධතා මැඩ පැවැත්වීම සඳහා ප්‍රංශය පුරා නිලධාරීන් 40,000ක් යොදවා ඇති බවද සඳහන්

ප්‍රංශය පුරා ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවලින් පසු දකුණු නගරයේ මාර්සෙයිල් නගරයේ අද මහජන පෙලපාලි තහනම් කර තිබෙනවා

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, අගමැති එලිසබෙත් බෝර්න් සහ රජයේ ඇමතිවරු හදිසි රැස්වීමක් සඳහා පැරිසියට පැමිණ තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ අතර ගොඩනැගිලි 492කට හානි සිදුව ඇති බවත්, වාහන 2,000ක් පුළුස්සා ඇති බවත්, ගිනි තැබීම් 3,880ක් ඊයේ රාත්‍රියේ සිදු වූ බවත්, AFP පුවත් සේවය වාර්තා කරනවා .

ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ ඇල්ජීරියානු සහ මොරොක්කෝ සම්භවයක් ඇති 17 හැවිරිදි Nahel M නැමැති තරුණයාව පොලිසිය විසින් වෙඩි තබා මරා දැමීමත් සමගයි

Share This