ප්‍රංශයේ විරෝධතා තවදුරටත් -150ක් අත්අඩංගුවට

ප්‍රංශයේ විරෝධතා තවදුරටත් -150ක් අත්අඩංගුවට

අණ නොතකා රථයක් ධාවනය කළ 17 හැවිරිදි රියදුරෙකුට ප්‍රංශයේ පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩත්වය දෙවන දිනයටත් අඛණ්ඩව පැවැත්වෙන අතර අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

Nahel M නැමැති තරුණයා වාහනය නැවැත්වීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට රිය පැදවීම නිසා මොහුට වෙඩි තැබූ බවයි ප්‍රංශ පොලිසිය සඳහන් කර ඇත්තේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රැස්වීමක් පවත්වමින් ප්‍රචණ්ඩත්වය අසාධාරණ බවට පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩි තැබූ පොලිස් නිලධාරියා අත්අඩංගුවේ පසුවන අතර,ඔහු පවසා ඇත්තේ තම ජීවිතය අනතුරේ යැයි හැඟුණු නිසා වෙඩි තැබූ බවයි

Share This