ප්‍රංශය හදිසි මැතිවරණයකට සූදානම්

ප්‍රංශය හදිසි මැතිවරණයකට සූදානම්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා තිබෙනවා.

ඒ යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ Marine Le Pen ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ජූනි 30 සහ ජූලි 7 යන දිනවල ඡන්ද වට දෙක පැවැත්වෙන බවයි.

දෙවසරක ජනාධිපති ධූර කාලය තුළ, ජනාධිපති මැක්‍රොන් හට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

 

Share This