ප්‍රංශ ජනපති චීනයට
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron තෙදින සංචාරයක් සඳහා චීනයේ බීජිං වෙත පැමිණ තිබෙනවා.
සිය සංචාරය තුළ දී ප්‍රංශ ජනාධිපතිවරයා, චීන ජනාධිපති Xi Jinping හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී චීන-ප්‍රංශ සබඳතා පුළුල් කර ගැනීම මෙන්ම ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සිදුවනු ඇති බව සඳහන්.