ප්‍රකට චීන මාධ්‍යවේදියෙකුට සමාජ මාධ්‍ය තහනමක්

ප්‍රකට චීන මාධ්‍යවේදියෙකුට සමාජ මාධ්‍ය තහනමක්

රටේ ආර්ථික අවපාතය සංසන්දනය කරමින් රට පුරා කතිකාවක් නිර්මාණය කළ ප්‍රකට චීන මූල්‍ය මාධ්‍යවේදියකුට සමාජ මාධ්‍ය තහනම් කර තිබෙනවා.

මිලියන 4.7කට වඩා අනුගාමිකයින් සිටින ව්‍යාපාර මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු වන Wu Xiaobo ගේ Weibo ගිණුම අදාළ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් දැනට තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Weibo යෙදුමේ අන්තර්ගත පරිපාලකයින් පවසන්නේ සුරැකුම්පත් වෙළඳපොලේ සංවර්ධනයට එරෙහිව මඩ පැතිරීම සහ විරැකියා අනුපාතය ඉහළ යාම ගැන වාර්තා පළකළ පරිශීලකයින් තිදෙනෙකු මේ වන විට Weibo යෙදුම තුළ අවහිර කර ඇති බවයි.

Wu ගේ Weibo පිටුවෙන් 2022 අප්‍රේල් මාසයේ සිට පළ කරන ලද සියලුම අන්තර්ගතයන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This