ප්‍රචන්ඩ් සමග ඉන්දියාව දේශසීමාවේ ගුවන් බලය නංවයි

ප්‍රචන්ඩ් සමග ඉන්දියාව දේශසීමාවේ ගුවන් බලය නංවයි

අරුණාචල් ආශ්‍රිත චීන දේශසීමාවේ ආරක්ෂාව සදහා පළමු වරට දේශියව නිෂ්පාදනය කළ සැහැල්ලු සටන් හෙලිකොප්ටරය වන ‘ප්‍රචන්ඩ්’ යෙදවීමට ඉන්දීය හමුදාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම මාසය අවසන් වන විට හමුදාව විසින් ‍දේශසීමාවේ මිස්සමාරි ප්‍රදේශයේ සැහැල්ලු සටන් හෙලිකොප්ටර හතරක් යෙදවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එම හෙලිකොප්ටර් යානා පහෙන් තුනක් ඉන්දීය හමුදාවට දැනටමත් ලැබී ඇති අතර, එම යානා 10ක් අදාළ කලාපයේ යෙදවීමට නියමිත බව සඳහන්.

ඉන්දීය යුධ හමුදා ගුවන් සේවා බලකායන් තුනෙන් එකක මූලස්ථානය මිස්සමාරි හි පිහිටා ඇති අතර සෙසු බලකා ලෙහ් සහ ජෝද්පූර් හි පිහිටා තිබෙනවා.

නැගෙනහිර ප්‍රදේශයේ ගොඩබිම් හමුදාවන්ට සහාය වීම සඳහා ඉන්දීය හමුදාවේ ගුවන් හැකියාවන් ඉහළ නැංවීම සඳහා මිස්සමාරි ගුවන් හමුදා මූලස්ථානය මේ වසරේ මාර්තු මාසයේදී ස්ථාපනය කරනු ලැබුවා.

Share This