ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න බයිඩන්ගෙන් අරමුදල්

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න බයිඩන්ගෙන් අරමුදල්

අමෙරිකානු ජනාධිපති Joe Biden විසින් ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නව අරමුදල් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ධවල මන්දිරයේ ප්‍රධානත්වයෙන් යුතුව පැවති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ දෙවන සමුළුවේදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා Joe Biden විසින් අමෙරිකානු ඩොලර් මිලියන 690 ක අරමුදල් සැපයීමට තමා සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර එම සමුළුවට එක්වෙමින් අදහස් දැක්වූ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය Benjamin Netanyahu ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන සම්මුතියකට එළැඹිය හැකි බවට තමන් විශ්වාසය පළ කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ දෙවන සමුළුව සඳහා කොස්ටාරිකා, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ සැම්බියාව යන රටවල සම සත්කාරකත්වය දරන අතර මෙම අවස්ථාවට තායිවානය, සිවිල් සමාජ කණ්ඩායම් සහ තාක්ෂණ සමාගම් ඇතුළු රටවල් 120 ක් සම්බන්ධ වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පළමු සමුළුව 2022 වසරේ දී පැවැත්වුණා.

Share This