
“ප්‍රත්‍යාවලෝකන” පරවාහැර චන්දරතන නාහිමියන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන්
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘවර ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් සම්පාදනය කළ “ප්‍රත්‍යාවලෝකන”ශාස්ත්‍රීය සංග්‍රහය දොරට වැඩීම සහ උපහාර ගීතය එළිදැක්වීම පසුගියදා පැවැත්විණ.
ඒ සඳහා ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික නාහිමි,ජේතවන විහාරාධිපති කිරින්දේ ප්‍රේමසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද ප්‍රංශයේ තානාතිපතිනිය ප්‍රමුඛ ශ්‍රී ලාංකීය මෙන්ම තායි,ලාඕස් වියට්නාම් ඇතුළු බෞද්ධ සැදැහැතියන් පිරිසක්ද එක්ව සිටියා.