තවත් මාර්ග රැසක් ප්‍රතිසංස්කරණයට

තවත් මාර්ග රැසක් ප්‍රතිසංස්කරණයට

මාර්ග කි.මී.1500ක් ප්‍රතිසංස්කරණය කිරීම යටතේ තවත් මාර්ග රැසක් ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ මෙම ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කෙරුණු බේරුවල -දර්ගා නගරය, ඉස්නාපුල්ල පාර ජනතා අයිතියට පත් කිරීම සිදුකිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇති බව සඳහන්.

දීර්ඝ කාලයක් තිස්සේ කිසිඳු ප්‍රතිසංස්කරණයකට ලක්වී නොතිබූ මෙම මාර්ගය මීටර 865ක්‌ පමණ දිගින් යුක්තයි.

ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 17,895,683.75ක්‌.

මේ අතර, පාදුක්ක අරුක්වත්ත අමරසිංහ මාවත සංවර්ධන කටයුතු ආරම්භ කිරීමද ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

Share This