
ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
අද (09) පෙරවරුවේ සමස්ත දිවයිනටම බලපාන පරිදි විදුලි සැපයුම විසන්ධි වුණා.
පානදුර ග්‍රීඩ් උප පොළ ආශ්රිත පද්ධතියේ වඳුරෙකු ගැටීම හේතුවෙන් හටගත් ආපදාවක් නිසා මෙලෙස විදුලි සැපයුම බිඳ වැටුණු අතර එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.
විදුලිය බිඳ වැටීමට ලක්ව ඇති සෙසු ප්‍රදේශවල විදුලි සැපයුම ද යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.