
ප්‍රධන විපක්ෂය නැතුව 21 ආණ්ඩුව පෙරළන්න එ.ජා.ප. ය නුගේගොඩ යයි (VIDEO)
නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී ජන රැළියට සහභාගීවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එහි මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පවසනවා.
ඇය මේ බව පැවසුවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.
පොදු විපක්ෂය නියෝජනය කරන පිරිසක් විසින් ලබන 21 වැනිදා ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ජන රැළියක් පැවැත්වීම තීරණය කර ඇති අතර, මෙම ජන රැළියට පිරිස් සම්බන්ධ කරගැනීම වෙනුවෙන් විවිධ සාකච්ඡා පසුගියදා පැවැත්වුණා.
එවන් පසුබිමක මෙම ජන රැලියට සහභාගිවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා.
