ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට විශිෂ්ට ජයක්

ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායමට විශිෂ්ට ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා.

එහිදී Glenn Phillips පන්දු 32කදී ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 190ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ Rilee Rossouw නොදැවී ලකුණු 108ක් රැස් කළ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 58යි.

ඒ අනුව LPL කිරුළ තෙවරක් ජයග්‍රහණය කළ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

Share This