ප්‍රමාද වී ඇති උසස්වීම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ වැටුප් විෂමතා ගැන ජනපති අවධානය

ප්‍රමාද වී ඇති උසස්වීම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ වැටුප් විෂමතා ගැන ජනපති අවධානය

පසුගිය වසර කිහිපය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් රට හැර යාම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනපතිවරයා මේ අදහස් පළ කළා.

එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඊට අදාළව අණපනත්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් වසර ගණනක් ප්‍රමාද වී ඇති උසස්වීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර පවතින වැටුප් විෂමතා කෙරෙහි මෙහිදී ජනපතිවරයාගේ අවධානය යොමු වුණා.

ඒ අනුව මෙම ගැටලුවලට කඩිනමින් සාධනීය විසඳුම් ලබා දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා.

මේ අතර ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජය පිළිගන්නා බව පැවසූ ජනපතිවරයා පසුගිය වසර කිහිපය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් රට හැර යාම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස ගැටලු රැසකට මුහුණ දී ඇති බව අවධාරණය කළා.

 

Share This