ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය භාවිත කර සමේ රෝගයක් නම් හෝදිසියෙන් “ ටීනියා “  වෙන්න පුළුවන් (VIDEO)

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය භාවිත කර සමේ රෝගයක් නම් හෝදිසියෙන් “ ටීනියා “ වෙන්න පුළුවන් (VIDEO)

දිලීර තත්ත්වයක් හේතුවෙන් මිනිසාට ඇතිවන රෝගයක් වන ටීනියා රෝගය මේ වනවිට සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සමේ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සෑම රෝගීන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති බවට ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කෙරුණා.

මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් බහුල වශයෙන් සමේ ආසාදන හා ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයෙන් හටගන්නා සමේ රෝග ආසාදිතයින් වාර්තා වනවා.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දෛනික ජීවිතය තුළ නිවැරදි සෞඛ්‍ය පුරුදු හා නිවැරදි ඖෂධ ලබාගැනීම තුළින් මෙම තත්ත්වයන් මැඩපවත්වා ගත හැකි බවයි.

Share This