
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා
ඇය අද (20) උදෑසන මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්
මිය යන විට ඇය 82 හැවිරිදි වියේ පසු වුණා
එමෙන්ම ඇය ගායනා කළ ගීත අතර සෙංකඩගලපුර දළඳා බුදුරැස්, මේ උදාර ලංකා භූමියයි, තාරකා වලින් ලියූ නමුදු අම්බරේ
පෙන්වා දිය හැකියි
මීට අමතරව නිමල් ගුණසේකර සමග ගැයූ පෝය දාට පායන සඳ කුමක් වැනි, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් සමග ගැයූ අනෝතත්ත විල නෙළුම නෙළාලා, හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ, ඒ. එල්. බී. කන්දෙපොළ සමග ගැයූ ආදර චාරිකා ජීවන චාරිකා, සබඳ ඔබේ හද අංජලීකරණීයයි, විලක නෙළුම් මට කුමටද, පින්න මල් පිපී ආදී ගීත රැසක් ජනාදරයට ලක් වුණා