ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 69 වන වියේ පසුවුණා.

කලක සිට රෝගාතුර වී සිටි ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

1975 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා මෙරට ප්‍රවීණ බයිලා ගායන ශිල්පියෙකු ලෙසයි සැලකෙන්නේ.

සමන් ද සිල්වා මහතා විසින් ගායනා කරනු ලැබූ නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, එපා එපා රැවටෙනු (සුරූපී විරූපී) , සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තනනිල්ල දිගේ, පුරහඳ නැගුණා, අයරින් ජොසපින්. දෙව්ලොව දෙවියනේ, හඬවලා සිතක්, පිණිබර සීතා යාමේ, මතකයි අම්මේ යන ගීත ඉමහත් රසික ආදරයට ප්‍රාප්ත වුණා.

ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙස සමන් ද සිල්වා මහතා කටයුතු කළා.

Share This