ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී ගේ වතුර වීදුරුවට කෙළ ගැසූ හොරණ නගර සභාවේ අමනයෙක්

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී ගේ වතුර වීදුරුවට කෙළ ගැසූ හොරණ නගර සභාවේ අමනයෙක්

ප්‍රවීණ ගීත රචක ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතාට පානය කිරීම සඳහා ලබාදුන් වතුර වීදුරුවකට කෙළ ගැසූ බව කියන හොරණ නගර සභාවට සම්බන්ධ නිලධාරීන් පිරිසකට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව එම නගර සභාවේ සභාපතිවරයා පවසනවා.

රත්න ශ්‍රී විජෙසිංහ මහතා සමඟ ඇතිකර ගත් කේන්තියක් නිසා ඔහුගෙන් පළිගැනීමට ඊයේ (07) පැවති උත්සවයක් අතර තුර අදාළ කමිටුවේ සාමාජිකයෙකු විසින් මේ ක්‍රියාව සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

හොරණ නගර සභාව විසින් සාහිත්‍ය උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබුණා.

එහි ප්‍රධාන දේශනය සඳහා ආරාධනා කර තිබුණේ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාටයි.

ඔහු නියමිත වේලාවට වඩාකල් වේලා ඇතිව අදාළ උත්සවයට පැමිණ තිබුණත් උත්සවය බොහෝ වේලාවක් ඇදී ගොස් තිබෙනවා.

මේ අවස්ථාවේ රත්න ශ්‍රී විජේසිංහ මහතා සංවිධායකයෙකු අමතා කාලය කා දැමීම සඳහා සිය විරෝධය පළකර තිබෙනවා.

එහිදී කලක් නගර සභාවේ සේවකයෙකු ලෙස ක්‍රියාකර ඇති උත්සවයේ නිවේදක ලෙස කටයුතු කළ පුද්ගලයාට අනවශ්‍ය ලෙස කාලය කා දැමීම පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහ මහතා පෙන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් දීර්ඝ වේලාවකින් පසුව රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සාහිත්‍ය දේශනයට අවස්ථාව උදා වී ඇති අතර එහිදී ඔහු පානය කිරීම සඳහා ජලය ස්වල්පයක් ඉල්ලා තිබුණා.

එහිදී කාන්තාවන් දෙදෙනෙකු ඔහුට ජල වීදුරුව රැගෙන යද්දි රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ විවේචනයට ලක්වූ සංවිධායකවරයෙකු පැමිණ එම වීදුරුවට කෙළ ගසා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවන් දෙදෙනා අදාළ ජල බඳුන රත්න ශ්‍රී විජේසිංහ මහතාට ලබා දීම ප්‍රතික්ෂේප කර හඬා වැටී ඇති බව වාර්තා වුණා.

ඒසමඟම අදාල සිද්ධිය පැතිර ගොස් තිබෙනවා.

අප මේ පිළිබඳවකළ විමසීමකදී හොරණ නගර සභාවේ සභාපති අමල් ඉන්දික මහතා පැමසුවේ සිද්ධිය පිළිබඳව මේ වන විට විමර්ශනයක් අරඹා ඇති බවයි.

Share This