
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේ අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පවුලේ ඥාතීන් කියා සිටියේ අසනීප තත්ත්වයෙන් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් රෝහලේ මාසයකට අධික කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි.
1946 පෙබරවාරි මස 4 වනදා උපන් කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වූණා.
ජයශක්ති, මුතු සළඹ, ආත්ම වර්ෂා, නෝ ප්‍රොබ්ලම් ඩාලින්, ඉන්ස්පෙක්ටර් ගීතා, ෆස්ට් ලව් පූජා, විජයග්‍රහණය සහ සළඹක් හඬයි ඒ මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලින් කිහිපයක්.
කුසුම් චන්ද්‍ර ගමගේ මහතා චිත්‍රපට අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම තිර රචකයෙකු ලෙසද කටයුතු කළා.
එසේම චිත්‍රපට කිහිපයකට රංගනයෙන්ද දායකත්වය සපයා ඇති රංගන ශිල්පියෙක්ද වනවා.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.