
ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාට මාසිකව විශ්‍රාම දීමනාවක්
ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණය කිරීම සඳහා වටිනා නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් ටවර් හෝල් රඟහල පදනම මගින් මාසිකව විශ්‍රාම දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව 2025 ජනවාරි මාසයට අදාළ විශ්‍රාම දීමනාව ලබාදීම මහරගම පිහිටි ඒ මහතාගේ නිවසේදී පසුගියදා සිදුකෙරුණා.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ (පාලන හා සංවර්ධන) නිපුන දිසානායක, සහකාර අධ්‍යක්ෂ (දෙමළ නාට්‍ය ප්‍රවර්ධන) ෂංමුග ෂර්මා ජයප්‍රකාශ් යන මහත්වරුන් සහභාගී වුණා.
ධර්මසිරි බණ්ඩාරනායක මහතා ‘ඒකා අධිපති, මකරාක්ෂයා, යක්ෂාගමනය, ධවල භීෂණ සහ ට්රෝජන් කාන්තාවෝ’ ඇතුළු සම්මානිත නිර්මාණ රැසක් නාට්‍ය ක්ෂේත්‍රයට දායාද කළ ඔහු ටවර් හෝල් රඟහල පදනමෙහි භාරකාර මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්ද දිගු කලක් කටයුතු කළා.