ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 65 හැවිරිදි වියේ පසු වුණා.

වසර ගණනාවක සිට පිළිකා රෝගයෙන් ඇය පීඩා විඳ තිබෙනවා.

මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 18 වනදා ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

1984 වසරේදී ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන ආරම්භ කළ මානෙල් චන්ද්‍රලතා මහත්මිය චන්ඩියාගේත් චණ්ඩියා, නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, ජය කොතනද, රන්දෙණිගල සිංහයා, ඔක්කොම හොඳටයි, අලිබබා සහ හොරු හතළිහ ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා.

Share This