
ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල දිවි සැරිය නිම කරයි
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.
මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් හිමිකර ගත් කලා ශිල්පිනියක්.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතයි.
