ප්‍රවෘත්ති ඉදිරිපත් කරන කෘත්‍රිම බුද්ධි නිවේදිකාව (Video)

ප්‍රවෘත්ති ඉදිරිපත් කරන කෘත්‍රිම බුද්ධි නිවේදිකාව (Video)

කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සකස් කළ ප්‍රවෘත්ති නිවේදිකාවක් එළිදක්වා තිබෙනවා.

එය අන්තර්ජාලය හරහා දැන්වීම් කියවීමට මේ වනවිට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

“Fedha” නමින් හඳුන්වන කෘත්‍රිම බුද්ධි නිවේදිකාව සෙනසුරාදා දිනයේ කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ පෙනී සිටියේ කළු පැහැති ජැකට් සහ සුදු ටී ෂර්ටයකින් සැරසී සිටින කාන්තාවකගේ රූපයක් ලෙසයි.

“මම Fedha, Kuwait News හි කෘත්‍රිම බුද්ධිය සමග වැඩ කරන කුවේටයේ පළමු ඉදිරිපත් කරන්නා. ඔබ කැමති කුමන ආකාරයේ ප්‍රවෘත්තිවලටද? අපි ඔබේ අදහස්වලට සවන් දෙමු, ”ඇය අරාබි බසින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම වෙබ් අඩවිය ගල්ෆ් කලාපයේ ප්‍රථම ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පත ලෙස 1961 දී ආරම්භ කරන ලද කුවේට් ටයිම්ස් පුවත්පතට අනුබද්ධ ආයතනයක් බවද පැවසෙනවා.

අනාගතයේදී Fedha මිලියන 1.2 අනුගාමිකයින් සිටින වෙබ් අඩවියේ Twitter ගිණුමේ ප්‍රවෘත්ති දැන්වීම් ඉදිරිපත් කළ හැකි බවයි එහි නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ අබ්දුල්ලා බොෆ්ටන් පැවසුවේ.

අදාළ වීඩියෝව පහතින්.

 

Share This