ප්‍රසංගයක් අතරතුර රුසියාවේ වෙඩි තැබීමක් – 60 දෙනෙකු මරුට (VIDEO)

ප්‍රසංගයක් අතරතුර රුසියාවේ වෙඩි තැබීමක් – 60 දෙනෙකු මරුට (VIDEO)

මොස්කව් නගරයට නුදුරින් පැවති ප්‍රසංගයක් අතරතුර තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස් ඇති බව රුසියානු බුද්ධි අංශ පවසනවා.

එමෙන්ම ප්‍රසංගය පැවති ක්‍රොකස් සිටි ශාලාවේදී 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරය එල්ල කළේ තමන් බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති අතර රුසියාව ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන්.

එම ස්ථානයේ සිදුවූ වෙඩි තැබීම් දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් රුසියානු ජාතික ආරක්ෂකයින් තවමත් තුවක්කුකරුවන් සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධ‍යෙන් ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ තත්ත්වය පිළිබඳව වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන අතර මේ ප්‍රහාරයට යුක්‍රේනයට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

Share This