ප්‍රහාරක ගුවන් යානා හඳුනා ගැනීමෙන් පසු දකුණු කොරියාව ගත් පියවර

ප්‍රහාරක ගුවන් යානා හඳුනා ගැනීමෙන් පසු දකුණු කොරියාව ගත් පියවර

චීන සහ රුසියානු ප්‍රහාරක ගුවන් යානා 6ක් හඳුනා ගැනීමෙන් පසු දකුණු කොරියාව ප්‍රහාරක ජෙට් යානා ස්ථානගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීන H-6 යානා දෙකක් දකුණු සහ ඊසානදිග වෙරළට ඔබ්බෙන් පිහිටි තම ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට කිහිප වරක් ඇතුළු වී පිටත්ව ගිය බවයි දකුණු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කර තිබුණේ.

TU-95 බෝම්බ හෙලන යානා සහ SU-35 ප්‍රහාරක ජෙට් යානා ඇතුළු රුසියානු ප්‍රහාරක ගුවන් යානා සමඟ චීන යානා පැය කිහිපයකට පසු ජපාන මුහුදේ සිට ආපසු පැමිණි බවත් ඒවා කොරියානු ගුවන් ආරක්ෂක කලාපයෙන් විනාඩි 18 කට පසු පිටත්ව ගිය බවත් සදහන්.

රුසියානු සහ චීන යානා බැහැරව ගොස් ඇත්තේ කොරියානු හමුදාව ආරක්ෂක පියවරක් ලෙස සිය ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා අදාළ කලාපයට පිටත් කර යැවීමත් සමගයි.

Share This