ප්‍රහාරයකින් කොලොම්බියානු සොල්දාදුවන් 9ක් මරුට

ප්‍රහාරයකින් කොලොම්බියානු සොල්දාදුවන් 9ක් මරුට

Norte de Santander පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් කොලොම්බියානු සොල්දාදුවන් 9 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කොලොම්බියාවට සාමය ගෙන ඒමේ අරමුණින් ජනාධිපති Gustavo Petro සාම සාකච්ඡාවල යෙදී සිටින අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රහාරයෙන් සෙබළුන් අට දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

නොවැම්බර් මාසයේ සිට දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා පැවැත්වෙන නමුත් මෙතෙක් ද්විපාර්ශ්වික සටන් විරාමයකට එකඟ වී නොමැති බවයි පැවසෙන්නේ .

Share This