ප්‍රහාරවලින් පැය 24ක් තුළ පලස්තීනුවන් 700ක් මරුට

ප්‍රහාරවලින් පැය 24ක් තුළ පලස්තීනුවන් 700ක් මරුට

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනයේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් ත්‍රස්ත ඉලක්ක 400කට ප්‍රහාර එල්ල කළ බවත් එම කාලය තුළ හමාස් අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු මරා දැමූ බවත්ය.

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කළද තම ප්‍රහාර අඩු නොකරන බව ද ඔවුන් සඳහන් කරනවා

මේ අතර එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන තිරසාර සහ ආරක්ෂිත මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

විදුලිය, ඖෂධ සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ගාසා තීරයේ රෝහල්වලින් තුනෙන් එකක් තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර පිරිසිදු ජල හිඟය නොමැතිවීම දැඩි ලෙස බලපා ඇති බවයි පැවසෙන්නේ

ඔක්තෝබර් 7 දා එල්ලවූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 1,400 ක් මිය ගිය අතර තවත් 222 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන සිටිනවා

එතැන් සිට ගාසා තීරයේ 5,800 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ

Share This