ප්‍රාණ ඇපකරුවන් ගැන තායිලන්තය හමාස් සංවිධානය සමග සාකච්ඡා අරඹයි

ප්‍රාණ ඇපකරුවන් ගැන තායිලන්තය හමාස් සංවිධානය සමග සාකච්ඡා අරඹයි

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින තම ජාතිකයන් නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමග සෘජුව කතා කළ බව තායි බලධාරීන් පවසා තිබෙනවා

තායි සාකච්ඡා මෙහෙයුමේ ප්‍රධානී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Areepen Uttarasin පවසන්නේ තමා ඔක්තෝබර් 26 වන දින ටෙහෙරානයේ හමාස් නියෝජිතයන් හමුවූ අතර එහිදී තායි ප්‍රාණ ඇපකරුවන් නියම වේලාවට නිදහස් කරන බවට සහතිකයක් ලැබුණු බවයි

ප්‍රාණ ඇපකරුවන් නිර්දෝෂී නිසා ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවද Areepen Uttarasin බැංකොක්හිදී වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

අවම වශයෙන් තායි ගොවිපළ සේවකයන් 19 දෙනෙකු පසුගිය ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති බව විශ්වාස කෙරෙන අතර තවත් බොහෝ දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

Share This