
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක් මේ මස අගදී
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා වන නව ව්‍යාපෘතියක් මේ මස අග වන විට ඇරඹීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා
අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා
ඒ අනූව රෝග නිවාරණයට, බෝ නොවන රෝග හඳුනාගැනීමට, පෝෂණ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට, පොදු වශයෙන් පවත්නා පිළිකා වැනි රෝග මුල් අවස්ථාවේ හඳුනාගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා
එමෙන්ම මෙවැනි තත්ත්වයන් කලින් හඳුනාගනිමින් විධිමත් පරිදි ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් රෝග වළක්වා ගැනීම යන සේවාවන් ඉලක්ක කරගනිමින් ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා වන ක්‍රියාවලිය අරඹන බවද ඔහු කියා සිටියා