
ප්‍රායෝගික නොවන ජනප්‍රිය පොරොන්දු දෙන්න එපා දේශපාලනයට වඩා රට ගැන සිතන්න -ඇමති ශෙහාන්-
මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික නොවන පොරොන්දු ලබාදෙන දේශපාලනයෙන් ඉවත්වීමට විපක්ෂය මේ මොහොතේදී හෝ කටයුතු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඉතා අසීරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් රට යළි නිසි මාර්ගයට අවතීර්ණ වෙමින් පවතින මේ මොහොතේ එම ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම රටේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතාවට හේතු විය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙය පෞද්ගලික දේශපාලන අරමුණුවලට වඩා රටේ අනාගතය පිළිබඳ සිතා බැලිය යුතු මොහොතක් බවයි.
වගකීම් සහගත කතිකාවතක නිරත වෙමින් රට ආර්ථික ප්‍රතිපත්ති සාධනීය සහ යතාර්ථවාදී මූලධර්ම මත පදනම්ව ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගමන් කරන බද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එහි වගකීම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වඩාත් විනිවිදභාවයෙන් යුතුව ඉටුකරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.