ප්‍රේම සබඳතාව නතර වූ නිසා තරුණියක් ගිනිතබා ගනියි

ප්‍රේම සබඳතාව නතර වූ නිසා තරුණියක් ගිනිතබා ගනියි

යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ සුරූපී තරුණියක් ඇගේ ප්‍රේම සබඳතාවය බිඳ වැටීම නිසා ඇති වූ මානසික කම්පනය හේතුවෙන් පසුගියදා සිරුරට ගිනි තබා ගෙන මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක්.

ඇය වැල්වෙට්ටිතුරේ ශ්‍රී මුරුගන් ගම්මානයේ ජීවත්ව සිටි අතර කාලයක සිට ඊට ආසන්න ගමක තරුණයකු සමග පෙම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

හදිසියේම තරුණයා වෙනස් වී වෙනත් තරුණියක් සමග සම්බන්ධයක් පටන් ගැනීම නිසා දැඩි කලකිරීමකට පත්ව සිටි මෙම තරුණිය සිය නිවසේදී රාත්‍රියේ සිරුරට ගිනි තබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ උදවිය අවදි වී බලන විට ඇය නිවස තුළම මියගොස් සිටි ආකාරය දැක ඒ පිළිබදව ග්‍රාම නිලධාරීවරයාට පැමිණිලි කර තිබෙනවා.

පසුව වැල්වෙට්ටිතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බව සඳහන්.

Share This