ප්‍රතිකාරය අතර මැද නොසන්සුන් වූ වෙඩි වැඳුණු වන අලියා (වීඩියෝ)

ප්‍රතිකාරය අතර මැද නොසන්සුන් වූ වෙඩි වැඳුණු වන අලියා (වීඩියෝ)

වෙඩි වැඳුණු වන අලියෙකු කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ යකල්ල ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයකට පත්ව ඇති බව වාර්තා වනවා.

වන අලියාට ප්‍රතිකාර කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අප වාර්තාකරුවන් පවසන්නේ.

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රදේශයේ හුරුළුවැව ඉස්මත්තේ සැරිසරන වෙඩි වැදුණු වන අලියෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවකට පත්ව තිබෙනවා.

ඉදිරි වම්පාදයට වෙඩි වැදුණු වන අලියා කලහකාරී මෙලෙස ලෙස හැසිරෙමින් සිටියා.

මේ පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමඟ මොරගොඩ, රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුවත් කිරීම මත පණ්ඩුගලගම වනජීවී කාර්යාලයේ වෛද්‍ය ඒකකය නිලධාරීන් තුවාල වු අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කළා.

අවුරුදු 45 ක් පමණ වන අඩි හතක් පමණ උසැති මෙම වන අලියා හුරුළුවැවේ රැදී සිටි වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකළා.

එහිදී නොසන්සුන් වූ වන අලියා වන ජීවී නිලධාරීන්ට පහරදීම සඳහා පැමිණිය ඇති බවයි වාර්තා වුණේ.

ඒ සමඟ ප්‍රදේශවාසීන්ද නොසන්සුන් වූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

කෙසේවෙතත් වනජීවී නිලධාරීණ් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා හුරුළුවැව රක‍ෂිතයට පලවා හැරීමට කටයුතු කළා.

Share This