
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් පිටත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12 ක් ජීවිතක්ෂයට
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
එරට රාජ්‍ය මාධ්‍ය සහ නිලධාරීන් පැවසුවේ නගරයේ පිහිටි පුළුල් දිස්ත්‍රික් අධිකරණ සංකීර්ණයේ දොරටුව අසල බලගතු මෝටර් රථ බෝම්බයක් පුපුරා ගිය බවයි.
ඉස්ලාමාබාද්හි දිස්ත්‍රික් උසාවියේ ගේට්ටුවෙන් පිටත පොලිස් වාහනයක් අසල මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැර ඇති බව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවා.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි වාර්තාකරුවන්ට පවසා ඇත්තේ ප්‍රහාරකයා “අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ නමුත්, එසේ කිරීමට අපොහොසත් වීමෙන් පොලිස් වාහනයක් ඉලක්ක කර ගත් බවයි.
ඔහු කිසිදු සන්නද්ධ කණ්ඩායමකට දොස් පවරා නැති අතර බලධාරීන් ප්‍රහාරයේ “සියලු අංශ සොයා බලමින් සිටින” බව පවසා තිබෙනවා.
