පාකිස්තාන් ගුවන් ප්‍රහා‍රයකින් ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3 දෙනකු මියයයි

පාකිස්තාන් ගුවන් ප්‍රහා‍රයකින් ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3 දෙනකු මියයයි

ඇෆ්ගනිස්ථානයේ, පක්ටිකා පළාතේ පකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) පැවසුවේ ක්‍රීඩකයින් උර්ගුන් සිට පාකිස්ථාන දේශසීමාවේ නැගෙනහිර පක්ටිකා පළාතේ ෂරානා දක්වා මිත්‍රශීලී තරඟයකට සහභාගී වීම සඳහා ගමන් කර ඇති බවයි.

මෙම ඇෆ්ගනිතාන් ක්‍රීඩකයින් තිදෙනා “කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන්” ලෙස නම් කර ඇති අතර ප්‍රහාරයෙන් තවත් පස් දෙනෙකු ද මිය ගිය බව එරට මාධ්‍ය පැවසුවා.

ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය මෙය හඳුන්වා තිබුණේ “පකිස්ථාන පාලනය විසින් සිදු කරන ලද බියගුලු ප්‍රහාරයක්” ලෙසයි.

මෙම ඛේදජනක සිදුවීමට ප්‍රතිචාර වශයෙන් සහ වින්දිතයින්ට ගෞරව දැක්වීමක් ලෙස, නොවැම්බර් අග දී පැවැත්වීමට නියමිත පාකිස්තානය සහභාගී වන තුන්කොන් T20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමෙන් ඉවත් වීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කරැති බව සඳහන් කර තිබුණා.

Share This