
පාකිස්ථානයට ආයුධ විකුණයි
ඇෆ්ගනිස්ථානයේ හිටපු ආරක්ෂක නිලධාරීන් භාවිත කළ අවි ආයුධ වර්තමාන තලේබාන් ආරක්ෂක නිලධාරීන් විසින් පාකිස්ථානයට අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තාවනවා.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ , ඇෆ්ගන්- පකිස්ථාන දේශ සීමා වෙත රැගෙන එන අවි ආයුධ පළතුරු පිරවූ ලොරි රථ තුළ සඟවා දේශ සීමාව පසුකර පකිස්ථානය තුළට රැගෙන එන බවයි.
හිටපු ඇෆ්ගනිස්ථාන ආරක්ෂක නිලධාරීන් භාවිත කළ අවි ආයුධ ප්‍රසිද්ධියේ එරට වෙළෙඳ පොළ තුළ අලෙවි කිරීමට දමා ඇතැයිද පැවසෙනවා.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශාබුල් ප්‍රාන්තයේ විවෘත වෙළෙඳ පොළෙන් මේවා පහසුවෙන් මිලදී ගත හැකි බවය.
මෙවැනි අවි ආයුධ රහසිගත ලෙස පාකිස්ථානයට රැගෙන යාමට ජාවාරම්කරුවන් කටයුතුකරන බව ඇෆ්ගනිස්ථානයේ දේශීය මාධ්‍ය ආයතනයක් සඳහන් කර තිබුණා.
2021 වසරේ අගෝස්තු මාසයේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යනවිට ඔවුන්ගේ අවි ආයුධ ඇෆ්ගනිස්ථාන් හමුදා වෙත ලබාදුන් අතර පසුව ඒවා තලේබාන් කැරළිකරුවන් අතට පත්වුණා.
කාබුල්හි පාලනය අත්පත් කරගැනීමෙන් අනතුරුව එරට දේශපාලන බලය තහවුරු කරගැනීමට අතිරේකව ඇමෙරිකානු හමුදා ලබාදී ගිය අවි ආයුධ ලබාගැනීමට වැඩි උත්සාහයක් පැවතුණ බව ද සඳහන්.
එසේ රැස්කල අවි ආයුධ එරට විවෘත වෙළෙඳපොළ තුළ අලෙවියට යොමුකර ඇති බවයි පැවසෙන්නේ.