පාකිස්ථානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයි

පාකිස්ථානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර “මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා.

සෞදි අරාබියේ සිට මෑතකදී ආපසු පැමිණි 34 හැවිරිදි ඔහු එරටින් වාර්තා වූ වසරේ පළමු වඳුරු උණ රෝගියා ලෙසයි හඳුන්වා ඇත්තේ.

එමෙන්ම සෞදි අරාබියේ සිට ඔහුගේ ගුවන් යානයේ සිටි සෙසු මගීන් ඇතුළු පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් හඳුනා ගැනීම සෞඛ්‍ය නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා

පාකිස්ථානයේ, 2023 අප්‍රේල් මාසයේ සිට රෝගීන් 11ක් වාර්තා වී ඇති අතර, එක් අයෙකු මරණයට පත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

වෛරසය ආසාදිත සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකි නමුත් සමීප ශාරීරික සම්බන්ධතා හරහා මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි බව සඳහන්

මෙම රෝගය සති 2 සිට 4 දක්වා පැවතිය හැකි උණ, මාංශ පේශි කැක්කුම සහ විශාල ගෙඩියක් වැනි සමේ තුවාල ඇති කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This