පාකිස්ථානයේදී චීන ජාතිකයින් දෙදෙනෙකුට වෙඩි තියයි
පාකිස්ථානයේ දකුණු දිග වරාය නගරයක් වන කරච්චි හි රෙදි කම්හලක සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
පාකිස්ථාන ආරක්ෂකයෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති අතර චීන ජාතිකයින් දෙදෙනා එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්ථාන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ත්‍රස්තවාදී හෝ සටන්කාමී ක්‍රියාවක් හේතුවෙන් සිදුවූවක් නොවන බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පසුගිය මාසයේ කරච්චි ගුවන් තොටුපළ ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනෙක් මිය යාමේ සිදුවීමෙන් අනතුරුව චීන බලධාරීන් පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටියේ පාකිස්ථානයේ සේවය කරන සිය ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.
කෙසේවෙතත් එවන් පසුබිමක තවත් චීන ජාතිකයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම චීන බලධාරීන් විසින් හෙලා දැක තිබෙනවා.