පාකිස්ථානයේ අධිවේගී මාර්ගයක වෙඩි තැබීමක් -22 දෙනෙකු මරුට

පාකිස්ථානයේ අධිවේගී මාර්ගයක වෙඩි තැබීමක් -22 දෙනෙකු මරුට

පාකිස්ථානයේ අධිවේගී මාර්ගයකදී පුද්ගලයින් 22 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

එරට වඩාත් ක්‍රියාකාරී බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක් විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පංජාබය සහ බලුකිස්ථානය සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ධාවනය වෙමින් තිබූ බස් රථ, වෑන් රථ සහ ට්‍රක් රථ එකින් එක නතර කරමින් වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

ජනවාර්ගික ගැටලුවක් මුල් කර ගනිමින් සිදු කර ඇති අදාළ වෙඩි තැබීම සඳහා සටන්කාමීන් 30ත් 40ත් අතර පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This