පාකිස්ථානයේ අයහපත් කාලගුණයෙන් 14ක් මරුට

පාකිස්ථානයේ අයහපත් කාලගුණයෙන් 14ක් මරුට

පාකිස්ථානයට පසුගිය පැය 24ක කාලය තුළ බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනයත් සමග එරට නායයාම් සහ ජලගැලීම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බවයි එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ.

Share This