පාකිස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට

පාකිස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට

නැගෙනහිර පාකිස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කරනවා

මෙලෙස ප්‍රචණ්ඩත්වය ඇවිලීමට හේතුව ලෙස වාර්තා වූයේ ක්‍රිස්තියානි පුද්ගලයින් දෙදෙනකු විසින් අල් කුරානයේ පිටපතකින් පිටු ඉරා දැමීමෙන් පසුවයි

මේ වනවිටත් නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජරන්වාලා ඇතුළු ෆයිසලාබාද් දිස්ත්‍රික්කයේ දින හතක් සඳහා මහජන රැස්වීම් ද සීමා කර තිබෙනවා

ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථය වන කුරානයට හානි කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් දෙදෙනාට පාකිස්ථානයේදී මරණීය දණ්ඩනය හිමිවන චෝදනා එල්ල වී ඇති බවද සඳහන්

Share This